රටේ ආර්ථිකය ගැන යථාර්ථය ජනතාවට කියන්න ඕන වෙලාව මේකයි. රටේ ප්‍රශ්න නැ වගේ පෙන්වන්න උත්සාහ කළත්, සංඛ්‍යා ලේඛන කියන්නේ වෙන කතාවක්” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඔහු පෙන්වා දෙන්නේ රටේ ඩොලර් සංචිත ගැන රජය කියන සංඛ්‍යා සහ ඇත්ත තත්ත්වය අතර වෙනසක් ඇති බවයි. ලෝක ආර්ථික ප්‍රමිතිය අනුව රටකට අවම වශයෙන් මාස 3ක ආනයන වියදම ආවරණය කළ හැකි සංචිත තිබිය යුතු අතර, ශ්‍රී ලංකාව තවමත් එම ආරක්ෂිත මට්ටමට ළඟා වී නැති බව එම අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
2027 IMF ගිවිසුමෙන් පස්සේ මොකද වෙන්නේ?
වත්මන් IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් සහ විදේශ ණය ගෙවීම් තවත් බරපතළ විය හැකි බව විපක්ෂ නායකවරයා පවසනවා. ඒ නිසා “අනුප්‍රාප්තික IMF ගිවිසුමක්” දැන්ම සකස් කළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
මැදපෙරදිග යුද්ධයෙන් – ශ්‍රී ලංකාවටත් බලපෑමක්?
විදේශ ප්‍රේෂණ ඉහළ ගියත්, මැදපෙරදිග අර්බුද උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සහ රටේ ඩොලර් ආදායමට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
ජනතාව දැනගත යුතු ඇත්ත තත්ත්වය
2022 ආර්ථික අර්බුදයෙන් පසු රට තවමත් අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව නැති බවත්, තෙල් මිල, ආනයන වියදම් සහ විදේශ ණය ගෙවීම් ඉහළ ගියහොත් නැවතත් බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
දේශපාලන වේදිකාවේ SJB නායකයන්ගෙන් දැඩි ප්‍රකාශ
සමගි ජන බලවේගයේ මාදිවල කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවේදී පක්ෂ නායකයන් රජය සහ වත්මන් දේශපාලන තත්ත්වය ගැන දැඩි අදහස් පළ කර තිබුණා.
“පළාත් සභා මැතිවරණයක් නෑ කියන්න ටිල්වින්ට ඇති අයිතිය මොකක්ද?” යන ප්‍රශ්නයත් එහිදී නැඟුණා.
SJB මහ ලේකම් රන්ජිත් Madduma Bandara මහතා පවසන්නේ,
“අපිට ඕන පක්ෂය නව ගමනකට, නව යුගයකට ගෙනියන්න” යනුවෙනුයි.
පසුගිය මැතිවරණවලදී තරුණ තරුණියන්ගේ ඡන්ද රටේ දේශපාලනය වෙනස් කළ බවත්, අද දේශපාලන මතය අවුරුදු 5කට පස්සේ නෙවෙයි, දවසින් දවස වෙනස් වන යුගයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසන්නේ,
“රට ගොඩනගන්න මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. ජනතාවට ප්‍රශ්නවලට උත්තර දෙන්නෙත් නෑ” යනුවෙනුයි.
“තරුණයන් වෙනුවෙන් කතා කරන ආණ්ඩුවක් කියාගෙන, තරුණ කටයුතු ඇමතිකමත් තරුණයෙකුට නොදෙන ආණ්ඩුවක් මේක” යන විවේචනයත් එහිදී එල්ල වී තිබෙනවා.
SJB කියන්නේ මොකක්ද?
රටේ ආර්ථිකය ගැන ජනතාවට ඇත්ත කියන්න ඕන
IMF ගිවිසුමක් හරහා ආර්ථික ස්ථාවරත්වය රැකගන්න ඕන
තරුණයන් සහ අනාගත පරපුර එක්ක නව දේශපාලන ගමනක් යන්න ඕන
රටේ ජනතාවට බොරු නොකියා යථාර්ථය කියන්න ඕන.









