දේශීය

“රට ඛේදවාචක 5කට පසු දැන් ජවිපේ බොරු දේශපාලනයේ 6වන ඛේදවාචකයට මුහුණ දෙනවා”— විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාතර අකුරැස්ස ජන හමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ප්‍රකාශයක් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය, ආර්ථික බංකොලොත්භාවය, මැදපෙරදිග යුද්ධය ඇතුළු රට මුහුණ දුන් ඛේදවාචක රැසකට පසු, අද ජනතාව “බොරු දේශපාලනයේ” නව වටයකට ඇද දමා ඇති බව ඔහු පැවසා තිබෙනවා.

ඔහු පෙන්වා දුන්නේ, රට බංකොලොත් කළ අයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය එකම බලවේගය සමගි ජන බලවේගය බවයි, IMF ගිවිසුම නිසා ඩොලර් ආධාර ගන්න බැහැ කියන ආණ්ඩුවේ ප්‍රකාශ “මුළුමනින්ම බොරු” බවයි, ආර්ථිකය ගොඩනැගීමට නව උපායමාර්ග, අපනයන ආර්ථිකය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ තරුණ ව්‍යවසායකත්වය ශක්තිමත් කළ යුතු බවයි.

“33%කින් විදුලි බිල අඩු කරනවා” කියා බලයට ආ රජය අද 40%කින් බිල වැඩි කර තිබෙන බවත්, “වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙනවා” කියූ අය අද ජනතාවට වැඩිම මිලට ඉන්ධන ලබා දෙන බවත් ඔහු චෝදනා කර තිබෙනවා.

“ඩොලර් මිලියන 23ක් තියෙනවා නම් රට රවට්ටන්නේ නැතිව ජනතාව වෙනුවෙන් භාවිතා කරන්න. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන්න” යැයි ද ඔහු ඉල්ලා සිටියා.

“ටොම්පච දේශපාලනය නවත්වන්න… ජනතාව තවත් රවට්ටන්න එපා” — සජිත් ප්‍රේමදාස

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *