දේශීය

දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්!

“පිං ලබාදෙන දන්සලක්… රෝග පැතිරෙන තැනක් නොවිය යුතුයි”

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දන්සැල් සංවිධායකයින් සඳහා විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දන්සැල් සංවිධායකවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරය කාර්යාලවල ඊයේ දිනයේදී සිදුකර තිබුණා.

මේ දිනවල පවතින වෛරස් සහ ආහාර මගින් පැතිරෙන රෝග අවදානම් හේතුවෙන්, ආහාර පිළියෙල කිරීමේ සිට බෙදාදීම දක්වා සෑම අදියරකදීම සෞඛ්‍ය ආරක්ෂාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

අනිවාර්යෙන්ම සැලකිලිමත් වන්න,

මුද්‍රිත අකුරු සහිත පත්තර, පෝස්ටර්, ඉටිකොළ ආදිය කෑම වැසීමට හෝ පිළිගැන්වීමට භාවිතා කරන්න එපා.

පිරිසිදු භාජන හා උපකරණ පමණක් භාවිතා කරන්න.

කැඩුණු, මලකඩ සහිත හෝ රසායනික ද්‍රව්‍ය තබා තිබූ බඳුන් භාවිතා නොකරන්න.

කෑම බෙදන හැන්දක් හෝ උපකරණයක් බිම වැටුණොත්,

සබන් දමා හොඳින් සෝදන්න,

එකම වතුර නැවත නැවත භාවිතා නොකරන්න,

පිරිසිදු ජලය සහ අත් සෝදන පහසුකම් අසල තබාගන්න,

අත්වැසුම්, මුව ආවරණ, හිස්වැසුම් භාවිතා කරන්න,

නියපොතු කපා පිරිසිදුව තබාගන්න,

ආහාර හදන අය පිරිසිදු ඇඳුම් ඇඳිය යුතුය,

කෑම හදන හෝ බෙදන ස්ථානවල, දුම්පානය
බුලත් විට කෑම, මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම්.

උණ, අතීසාරය, බෝවන රෝග හෝ අත්වල තුවාල ඇති අය ආහාර කටයුතු සඳහා යොදා නොගන්න.

පළතුරු, පලා වර්ග සහ එළවළු, පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා භාවිතා කරන්න,

කෘතිම වර්ණක හා රසකාරක භාවිතයෙන් වළකින්න

මාළු සඳහා භාවිතා කරන අයිස් බීම සඳහා භාවිතා කරන්න එපා.

බීම සහ පිසීම සඳහා පිරිසිදු ජලය පමණක් භාවිතා කරන්න.

මැස්සන්, දූවිලි සහ සතුන්ගෙන් ආහාර ආරක්ෂා කරන්න,

පිසූ ආහාර බිම තැබීමෙන් වළකින්න,

කසල කළමනාකරණයත් ඉතා වැදගත්,
දිරන සහ නොදිරන කසල වෙන් කරන්න
ප්‍රමාණවත් Dustbins තබන්න,

අපජලය විවෘතව බැහැර නොකරන්න,

❤️ දන්සලක් යනු උතුම් දානමය පුණ්ය ක්රියාවක් නිසාවෙන් මෙම පුන්ය කර්මය සමඟ ජනතාවගේ සෞඛ්යයත් ආරක්ෂා කරමු.

මෙම වැදගත් තොරතුරු තවත් දන්සැල් සංවිධායකයින් වෙත share කරන්න.

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *