දේශීය

මඩකලපුවෙන් හද කම්පා කරන සිදුවීමක්

හෝටල් කාමරයක් තුළ ඇති වූ ගින්නකින් දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ, අවුරුදු 3ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්.

පොලිස් විමර්ශන අනුව, දරුවන් සිටි හෝටල් කාමරය ඔවුන්ගේ පියා විසින් පිටතින් අගුළු දමා තිබූ බවට සැක පළ වී තිබෙනවා. ඒ අතරතුර මෙට්ටයක හටගත් ගින්නකින් නිකුත් වූ අධික දුම ආශ්වාස වීමෙන් දරුවන් මියගොස් ඇති බව සඳහන් වනවා.

මුලින් වාර්තා වූ තොරතුරු රැසක් පසුව අසත්‍ය බව හෙළිවී තිබෙනවා.

දරුවන්ගේ මව පිළිකා රෝගයෙන් පෙළෙන බව පවසමින් සැකකරු විවිධ ප්‍රදේශවල ජනතාවගෙන් මුදල් ඉල්ලා යාචකයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

නමුත්,
පොලිස් හා වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දරුවන්ගේ මව දැනට මාතර ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින බවයි.

තවත් අනාවරණ, සැකකරු බදුල්ලේ පදිංචිකරුවෙකු ලෙස පෙනී සිටියද, ඔහු ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. භාවිතා කළ ජාතික හැඳුනුම්පත වෙනත් පුද්ගලයෙකුට අයත් එකක් බව හෙළිවී තිබෙනවා. එම හැඳුනුම්පත 2023දී අහිමි වූ එකක් බවද අනාවරණය වී තිබෙනවා.

විමර්ශකයින් පවසන්නේ සැකකරු දිගු කාලයක් තිස්සේ ජනතාව රවටමින් කටයුතු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති අතර, මවද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *