දේශීය

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන් වෙයි

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන් වෙයිමෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් (මැයි 30) අවසන් වන බව ශ්‍රී පාද රාජමහා විහාරයේ ප්‍රධාන භාරකාර පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ප්‍රකාශ කර තිබෙනවා.

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේදී විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළා.

එමෙන්ම වෙසක් දිනට පසුදින (මැයි 31) පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව, සර්වඥ ධාතු කරඬුව, සමන් දෙවියන්ගේ ප්‍රතිමාව, දිව්‍ය ලාංඡනය පෙරහැරින් ගමන් සතර ඔස්සේ රජමහ විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි.

ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් මෙම පූජනීය වස්තු විහාරස්ථානයේ තැන්පත් කර තබන බවද වැඩිදුරටත් සඳහන් වනවා.

බැතිමතුන් විශාල පිරිසක් මෙම අවසන් වන්දනා සමය සඳහා ශ්‍රී පාදය වෙත පැමිණෙමින් සිටිනවා.

සිරිපා කරුණාවෙන් සැමට සෙත් වේවා!

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *