2026 ලෝක පරිසර දින ජාතික සැමරුම ජූනි 5 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙවර ගෝලීය තේමාව වන්නේ
“හදිසි දේශගුණික ක්‍රියාමාර්ග”
ශ්‍රී ලංකාවේ ජාතික තේමාව වන්නේ “තිරසාර ජෛවගෝලය – සදාහරිත ජීවිතය” “දළු ලන්න ඉඩ දෙන්න”
මැයි 30 සිට ජූනි 5 දක්වා “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.
ගස් සිටුවීම්,වෙරළ පිරිසිදු කිරීම, ජල හා වායු සංරක්ෂණ වැඩසටහන්, ජෛව විවිධත්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග, දේශගුණික දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය
ඒ අතර වනවා.
“අටවිසි බෝධි” බෙදාහැරීමේ වැඩසටහන මැයි 30 දින ආරම්භ වන අතර, පාරිසරික සංරක්ෂණයට ආගමික වටිනාකම් එක් කිරීම මෙහි විශේෂත්වයයි.
දියවන්නා ඔය සංරක්ෂණය, ජල සම්පත් ආරක්ෂාව, සමනල උද්‍යානය විවෘත කිරීම, ඖෂධීය ශාක ප්‍රදර්ශන සහ විද්‍යාත්මක පර්යේෂණ ගිවිසුම් ඇතුළු වැඩසටහන් රැසක්ද මෙම සතිය තුළ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
“වනස්පති” ජාතික වැඩසටහන යටතේ මේ වනවිට හෙක්ටයාර 63,000කට වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වනාන්තර 81ක් රක්ෂිත ලෙස ආරක්ෂා කර ඇති අතර, තවත් වනාන්තර 5ක් නව රක්ෂිත ලෙස නම් කිරීමට නියමිතයි.
මෑත දේශගුණික ව්‍යසනවලින් පාඩම් ඉගෙන ගනිමින්, අනාගත පරපුර වෙනුවෙන් හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි හැමෝම එක්වෙමු!
අද සිටම ඔබත්…
ගසක් සිටුවන්න, ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න, ජලය සුරකින්න, හරිත ශක්තියට සහය දෙන්න
“පරිසරය සුරැකීම අනාගතය සුරැකීමයි”
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185









