කාළගුණයදේශීය

අද කාලගුණය: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

අද කාලගුණය: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවලද පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං විටින් විට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං නිරිත දෙසින් හමා එන අතර, සාමාන්‍ය සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලද සුළං වේගය පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතී.

ධීවර හා නාවික ප්‍රජාවද, වෙරළ ආසන්න ප්‍රදේශවල ජනතාවද කාලගුණික අනතුරු පිළිබඳව විශේෂ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

YouTube: https://www.youtube.com/@lankahitnews

Facebook: https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *