දේශීය

යාපනය සංගීත ප්‍රසංගය: ගීත සිද්ධියට තරුණයෙක් රිමාන්ඩ්

යාපනය සංගීත ප්‍රසංගය: ගීත සිද්ධියට තරුණයෙක් රිමාන්ඩ්

සංගීත ප්‍රසංගයකදී ගායනා කළ ගීත සම්බන්ධයෙන් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට

2026 මැයි 31 දින චාවකච්චේරි පොලිස් කොට්ඨාශයේ නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර තහනම් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වන ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රසංගයට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ විමර්ශන පුළුල් කර ඇති බව පොලිසිය සඳහන් කළර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චියේ උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු ජුනි 2 දින අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු විසින් ප්‍රසංගයේදී ගායනා කළ ගීත දෙකක් සංස්කරණය කර සිය සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර ඇති අතර, ඒවා තහනම් සංවිධානයකට සහාය දක්වන අන්තර්ගත ඇතුළත් වන පරිදි වෙනස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම ක්‍රියාව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3(G) වගන්තිය යටතේ වරදක් ලෙස සැලකෙන බවයි.

සැකකරු ජුනි 3 දින චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, සංගීත සංදර්ශන සහ විනෝදාස්වාද උත්සවවලදී ගීත ගායනා කිරීම පොලිසිය විසින් තහනම් කර ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව පොලිසිය අවධාරණය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මහජනතාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දැනට ක්‍රියාත්මක සියලුම නීතිවලට අනුකූලව කටයුතු කිරීම මෙන්ම ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම හෝ වෙනත් නීති විරෝධී දේ ප්‍රවර්ධනයට කටයුතු නොකළ යුතු බවයි.

YouTube:
https://www.youtube.com/@lankahitnews

Facebook:
https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok:

@lankahitnewsofficial

✖️ Twitter/X:
https://x.com/HitNewsLanka

Website:

Lanka Hit News

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185

Email:
[email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *