ප්‍රමිතියට අනුකූල නොවන කොන්ක්‍රිට් සඳහා භාවිතා කරනු ලබන නාරටි වානේ දඬු විකිණීම සඳහා නිෂ්පාදනය කර ගබඩා කිරීම සම්බන්ධව වරද පිළිගත් වේයන්ගොඞ කර්මාන්ත ශාලාවකට රුපියල් ලක්ෂයක දඩ නියම කර ඇත.
පසුගිය පළමුව දා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
ඒ අනුව, ප්‍රමිතියට අනුකූල නොවන නාරටි වානේ දඬු ටොන් 4 ක තොගයක්ද රාඡසන්තක කර ඇති බව සඳහන් වේ.











