දේශීයව්‍යාපාරික

වාහන ආනයනය සීමා කරන්නේ නැහැ

වාහන ආනයනය සීමා කරන්නේ නැහැ

වාහන ආනයනය සීමා කරන්නේ නැහැ - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

වාහන ආනයනය කිරීම සීමා නොකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද(07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනපතිවරයා මේ බව පැවසීය. වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රබවයක්. 

මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා. ඩොලර්වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා. ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ.

Shares: