ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී කෝල්ට්ස් ක්‍රිකට් පිල ලකුණු44-කින් පරාාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ කාන්තාවෝ සමත් වූහ.
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස්කළ අතර, කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා ලකුණු 173කට දැවී ගියහ.
අනගි ඉනිමක් ක්‍රීඩා කළ කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිලේ විශ්මි ගුණරත්න පන්දු 152කදී හයේ පහර 2ක් හා හතරේ පහර 23ක් සමඟ ලකුණු 166ක් ලබා මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු ගණන එක් කිරීමට සමත් වූවාය. විශ්මි හා යශෝධා සේනාරත්න (ලකුණු 8) එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 63කදී ලකුණු 45ක් හා 9 වැනි කඩුල්ලට මදාරා සමරකෝන් (ලකුණු 1) සමඟ එක්ව පන්දු 56කදී ලකුණු 65ක් එක් කළාය.
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිලේ නෙත්මි උපේක්ෂා ලකුණු 41ක් හා සයනී සේනාරත්න ලකුණු 33ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිලේමල්ෂා නිරාෂා කඩුලු 3ක්, මදාරා සමරකෝන් හා හිමාෂා පෙරේර කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හසිනි පෙරේරා ලකුණු 56ක් හා පානදුර ක්‍රීඩා සමාජයේ පියුමි වත්සලා ලකුණු 51ක්, ලපාගත් අතර, පන්දු යැවීමදෙී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ රන්දි ප්‍රේමරත්න ලතුණු 29තට කඩුලු 4ක් බිදහෙලීය.
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 217 (43.5)
විශ්මි ගුණරත්න 166, චුෂාදි කෞෂල්‍යා 18 (නෙත්මි සන්ජනා 25/2 )
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 173 (45.2)
නෙත්මි උපේක්ෂා 41, සයනී සේනාරත්න 33, හරිනි පෙරේරා, හරිනි ෙරේරි 34, අතිරේක 4 (මදාරා සමරකෝන් හිමාෂා පෙරේරා මල්ෂා නිරාෂා )
ගුවන් හමුදාවට කඩුලු 3ක ජයක්
කටුණායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 129 (50)
සදලි වීරසිංහ 33, විමොක්ෂා බාලසූරිය 11, පියුමි වත්සලා 51, (දෙනොද්‍යා සෙව්මිණි 13, අතිරේක 13 (සඳනි තිවංකා 17/3, රුචිනි සමරසිංහ 24/2)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 7ක් දැවී ලකුණු 129 (31.5)
හිරුණි පීරිස් 19,යශෝධා මෙන්ඩිස් 11, මල්ෂා ෂෙහානි 47, අයේෂා කීර්තිරත්න 16, අතිරේක 12 (යසන්ති හේරත් 25/2)
නාවික හමුදාවට ලකුණු 125ක ජයක්
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 245 (50)
හසිනි පෙරේරා 56, නිලක්ෂනා සඳමිණි 26, හර්ෂිතා සමරවික්‍රම 41, දැහැමි සෙනෙත්මා 30, හංසිමා කරුණාරත්න 17, සත්‍යා සංදීපනී 46, තාරිකා සෙව්වන්දි නොදැවී 15, අතිරේක 10 (චමෝදි ප්‍රබෝධා 52/2)
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 120 (4024)
චතුරානී ගුණවර්ධන 22, අමා කාංචනා 17, චමරි ලක්ෂාණී නොදැව චමොදිප්‍රෙෙබා්දි දෙතිරේක 19 (උදේශිකා ප්‍රබෝධනී 42/3 ඉනෝකා රණවීර 17/2)
යුද හමුදාවට කඩුලු 8ක ජයක්
දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 108 (49.5)
දිල්ශානී කුමාරසිරි 11, උමයංගනා පීරිස් 27, නෙතාගී ඉසුරාජලී 14, අතිරේක 24 (රන්දි ප්‍රේමරත්න 29/4, සුගන්දිකා කුමාරී 19/3)
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2ක් දැවී ලකුණු 111 (26)
නිලූකා ක්‍රිෂාන්ති 47, ඉමල්කා මෙන්ඩිස් 45, අතිරේක 11 (ෂෙහාරා ඉඳවරී 10/2)











