දේශීය

වසර 3කදී ගුවන් හමුදාවේ යානා 5ක් කඩා වැටී 13ක් මිය ගිහින්

වසර 3කදී ගුවන් හමුදාවේ යානා 5ක් කඩා වැටී 13ක් මිය ගිහින්

වසර 03ක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානා අනතුරු 04කින් පුද්ගලයන් 13ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා අනතුරුවලින් 2020 වසරේ සිට 2025 වසරේ මැයි 09 දක්වා කාලය තුළ ගුවන්යානා අනතුරු 05ක් සිදුව ඇත.

ඒ අනුව, 2020 වසරේ ජනවාරි 03 හපුතලේ ප්‍රදේශයේදී සහ එම වසරේම දෙසැම්බර් මස 15 දින කන්තලේ ප්‍රදේශයේදී පිළිවෙළින් Y 12, 11, (SCL 857) , PT-6 (SBT 197) යානා අනතුරට ලක්ව තිබේ.

2023 වසරේ අගෝස්තු 07 චීන වරාය ප්‍රදේශයේදී PT-6 (SBT 195) යානාව අනතුරට ලක්ව ඇත.

මේ වසරේ මේ වන විට මැයි 21දා වාරියපොළ ප්‍රදේශයේදී K- 8 ( SJT748) ගුවන් යානය සහ මැයි 09දා මාදුරුඔය ප්‍රදේශයේදී Bell 212 ( SUH 566) යන ගුවන් යානා අනතුරට ලක්ව ඇත.

මේ අතර, හපුතලේ සිදුවූ ගුවන් අනතුරින් පුද්ගලයන් 04ක්, කන්තලේ ගුවන් අනතුරෙන් එක් අයෙක්, චීන වරාය ප්‍රදේශයේ ඇති වූ ගුවන් අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක්, මාදුරුඔය ගුවන් අනතුරෙන් පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

තවද, මාදුරුඔය ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණ කමිටු වාර්තාව තවමත් අවසන් වී නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Shares: