දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද (08) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 192ක් තවමත් අතුරුදන්ව ඇති බවයි.
පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
එම මරණ සංඛ්‍යාව 234ක්.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ .










