දේශීය

‘ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ආරක්ෂක නි. ඇමතිගේ වැයික්කියේදී ම ඝාතනයක් වෙලා’

'ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ආරක්ෂක නි. ඇමතිගේ වැයික්කියේදී ම ඝාතනයක් වෙලා'

ටියුෂන් දීමට පුටුවක් සහ බංකුවක් ගේන්නැයි කී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආසනයෙත් හිටපු පළාත් පාලන මන්ත්‍රිවරයෙකු ඝාතනය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ ය.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී මේ ඝාතන සිදුවන බව විපක්ෂ නායක පැවසීය.

රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ මැතිවරණ කොට්ඨාසය වන හෝමාගම, මීගොඩ ප්‍රදේශයේදී හිටපු පළාත් පාලන මන්ත්‍රිවරයෙකු ඝාතනය කර ඇති බැවින් දිනෙන් දින රට පුරා මිනීමරු සංස්කෘතිය ව්‍යාප්ත වන බව විපක්ෂ නායක පැවසීය.

මිනීමරු සංස්කෘතිය නැවැත්වීමට රජයට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේ ය..

සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ, ඝාතන සිදුවීම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඊයේ (අගෝ. 12) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාතාල කල්ලි, මැර කල්ලි, මිනීමරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය, බෝම්බය, බයිනේත්තුව, කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් මෙම ගැටලුවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසඳුම් නැද්දැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Shares: