විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ගෙනආ විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.
මෙහිදී අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විවිධ මත පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.










