බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ පුද්ගලික සමාගමකට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා තිබෙනවා.
අදාළ සමාගම රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (20) කැඳවීමෙන් අනතුරුව ඔවුන් සිය වරද පිළිගෙන තිබෙනවා.










