දේශීය

යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක්..

‍යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී තිබෙනවා.

කොඩිකාමම් පොලීසිය පැවසුවේ , වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් සොයා ගත් බවයි.

අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබෙනවා.

Shares: