දේශීය

බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, අධික සීනි භාවිතය මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක…, 

“හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය වැඩියි. බෝ නොවන රෝග සීඝ්‍රයෙන් වැඩිවෙනවා. මරණවලින් 80%ක් සිදුවෙන්නේ බෝ නොවන රෝගවලින්. ආහාර ජීර්ණය වෙලා ග්ලුක්කෝස් ලෙස උරා ගන්නවා. දියවැඩියාව ඇතුළු රෝග රැසක්. ස්ථුලතාවය ඇති ළමුන් අතරත් දියවැඩියාව. වැඩිම සීනි පරිභෝජනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්. පුද්ගලයෙක් වසරකදී සීනි කිලෝ 25ත් 30ත් අතර පරිභෝජනය කරලා.. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට සීනි තේහැදි 3ක් හෝ 4ක්.” 

 

Shares: