බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයෙකුට තියුණු ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වරදකරු කෙරුණු 43 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (21) මරණීය දණ්ඩනය නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසිනුයි මෙම තීන්දුව ලබාදුන්නේ.
2010 වසරේ මාර්තු මස 02 වනදා කැලණිය ප්‍රදේශයේ දී රෝයි පීරිස් නැමැත්තෙකුට ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පුද්ගලයෙකුට මෙසේ දඬුවම් නියම වුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.











