කොලොම්බියාවේ ක්රියාත්මක FARC ගරිල්ලා ත්රස්තවාදීන් විසින් එරට පොලිස් හෙලිකොප්ටරයකට එල්ලකළ ප්රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොකේන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොකා කොළ බෝග විනාශ කිරීම සඳහා උතුරු කොලොම්බියාවේ ඇන්ටියොක්වියාවේ ප්රදේශයකට පිරිස් ප්රවාහනය කරමින් සිටි හෙලිකොප්ටරයක් ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල වී ඇති බවටයි සඳහන් වන්නේ.
මේ අතර මෙම FARC ගරිල්ලන් විසින් එරට තෙවන වැඩිම ජනගහනයක් සහිත නගරය වන කැලි හි සිදුකළ කාර් බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.










