රනිල්ට විරුද්ධව පළිගැනීම දෙමළ ජනතාව ලෙස හෙලා දකින බව දෙමළ ප්රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ , විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින්.
”සිකුරාදා දවස බලලා උසාවියට දාලා එතන ලයිට් නිවලා දාලා සෙල්ලම් කරන්න එපා යැයි හිතවත් මිත්‍ර අනුර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා. දේශපාලන ප්රජාතන්ත්රවාදය රැකගැනීම සඳහා පක්ෂ බේද වලින් තොරව ඒකරාශී වී ක්‍රියා කළ යුතුව තිබෙනවා. මුලින් චෝදනා කළ මහ බැංකු වංචා වලට ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි. මේක අනිවාර්යයෙන් සීයට සීයක්ම දේශපාලන පළිගැනීමක්… ”











