උණුසුම් පුවත්

කරෙයිනගර් මුහුදේදී ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවට

යාපනය කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බවයි.

ඒ, මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන්.

අත්අඩංගුවට ගත් ධීවරයින් හා යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Shares: