පූඩලුඔය ඩන්සිනන් මැද කොටස ප්රදේශයේ අද (25) උදෑසන 11ට පමණ වතු නිවාස පේළියක ඇති වූ හදිසි ගින්නෙන් වතු නිවාස පේලියේ නිවස් 16න් 08 ක් හානියට පත් වී ඇති බව පූඩදුඔය පොලිසිය පවසනවා.
මෙලෙස හටගත් ගින්න හේතුවෙන් නිවස්වල වටිනා ලියකියවිලි සහතික පත් ඇතුළු දේපල හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.
හදිසියේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට ප්රදේශවාසී ජනතාව එක්ව කටයුතු කිරීමෙන් ළඟ පහත තිබුණු අනෙකුත් නිවස් වලට හානියක් නොවී ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බවද පොලිසිය සඳහන් කළා.
විපතට පත් ජනතාව තාවකාලික ස්ථාන කිහිපයක මේ වන විට පදිංචි කර ඇති අතර ඔවුන් සඳහා අවැසි පහසුකම් සැපයීමටද පොලිසිය කටයුතු කරනු ඇති.










