දේශීය

රාජත්‍රාන්ත්‍රික කිසිදු පාර්ශ්වයක් රනිල් අත්අඩංගුවට ගත්තාට විරුද්ධ වුණේ නෑ

කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ මෙරට තුළ නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවයි.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Shares: