උණුසුම් පුවත්දේශීය

රනිල් වෙනුවෙන් විපක්ෂය ම අද කොළඹට රැස්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන සියලු‍ පක්ෂ අද පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වුණා.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නිීතිඥ කණ්ඩායම්වලටද නඩුව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Shares: