විදෙස්

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට එරට පොලීසිය තහවුර කර තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගි වූවන් ඉලක්ක කර සිතාමතා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව ද සඳහන්.

වෙඩික්කරු රයිෆලයක්, ෂොට්ගන් සහ පිස්තෝලයකින් සන්නද්ධව සිට ඇති අතර, ඔහු දේවස්ථානයේ ජනේල හරහා වෙඩි තබා තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Shares: