දේශීය

මව සහ පියා ඝාතනය කළාට වසර හයකට පසු පළිගත් පුතා..

ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි  59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර,  පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර 6කට පෙර තම මව සහ පියා නිවස තුළදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස අදාළ සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

 
Shares: