පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන අයගේ මාමණ්ඩිය බවයි වාර්තා වන්නේ.
පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙය වීම මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකපළ වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.










