උණුසුම් පුවත්

රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් – ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රථිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පරීක්ෂණ කිහිපයක් අද සිදුකිරීමට නියමිත වනවා.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි ඒ බව කියා සිටියේ.

වික්‍රමසිංහ මහතාට හෘද සැත්කමකට භාජනය කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ගැන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මහනුවරදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

Shares: