දේශීය

පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද

පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වෙනවා.

අද පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී එය පැවැත්වෙන අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වෙන බව සඳහන් වනවා.

ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
 
පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරය මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  ධර්මාචාර්ය පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමි මෙම ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට දැහැත් ලබා දී ඇති බව සඳහන්.
 

Shares: