සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා,
“අපි දැන් සැලසුම් කරලා තියෙනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිවත් විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කරන්න. විශේෂයෙන් ඔවුන්ට දඬුවම් දෙන්න. ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස නීතිය ඉදිරියේ තමා මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී සැලසුම් කරලා තියෙනවා විශේෂ මහාධිකරණ කිහිපයක් ස්ථාපිත කරන්න. අපි උත්සාහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව තිබෙන නඩු කඩිනම් කරන්නත් කාර්යක්ෂම කරන්නත්. සමස්ත ක්‍රියාවලිය හරහා ඔවුන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන්න.”










