උණුසුම් පුවත්කාළගුණය

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (24) පස්වරු 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන්ම බස්නාහිර, දකුණු, ඌව සහ සබරගමුව පළාත් සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙම අනාවැකිය බලපැවැත්වනවා.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට
මිලිමීටර් 50 ට වැඩි තද වැසි ලැබිය හැකි බව ද දැනුම් දී තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමඟ
ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකියි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී, අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Shares: