දේශීය

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද ජී.එල්.පීරිස්ගේ නිවසේ දී

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස 5.00ට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවත්, විපක්ෂය පුළුල් කොට ආණ්ඩුවට එරෙහිව එක්වීම පිළිබඳව මේ අවස්ථාවේදී යම් දළ සැලැස්මක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවයි එම අවස්ථාවට සහභාගි වීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු දේශපාලන කාරණා පිළිබඳවත්, ඉන් පසුව ඇති වී ඇති නව දේශපාලන තත්ත්වයන් පිළිබඳවත්, ආණ්ඩුව මර්ධනකාරීව ගමන් කරමින් තිබෙන බවත් ඊට එරෙහිව පෙළ ගැසෙන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් අද දින සාකච්ඡා කරන බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

Shares: