ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (31) උදෑසන චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා වසර හතකින් පසු සිදු කරන පළමු චීන සංචාරය මෙය වීමද විශේෂත්වයක්.
ඔහු චිනය වෙත පැමිණියේ ටිඇන්ජින් හි අද සහ හෙට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට සහභාගී වීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම සමුළුවට එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් තිහකට අධික පිරිසක් සහභාගී වනු ඇති.











