උණුසුම් පුවත්

මං වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තූතියි – රනිල්

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගත වූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබෙනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත ද සිය ස්තූතිය පුදකර සිටින බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම පසු අවස්ථාවක දී සියලු පාර්ශ්ව හමුවීමට තමා අදහස් කරන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Shares: