2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීම ඇතුළු චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙසයි.
2016 පෙබරවාරි 6 වනදා කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට එහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පළ කරමින් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.











