ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වනවා.
දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අදාළ අයැදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්.
මේ අතර , 2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය හා අලුත් කිරීමේ කටයුතු ද, අද ආරම්භ වනවා.
එම සේවාව ද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
එහිදී අදාළ කාලසීමාවෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.











