දේශීය

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ප්‍රවාහන කොමිසන් සභාව

සංශෝධිත ඉන්ධන මිල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා.

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් සැප්තැම්බර් මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවුණේ ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව, රුපියල් 305ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 299ක්.

රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

රුපියල් 289ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර රුපියල් 283ක් ලෙසයි එහි නව මිල දැක්වෙන්නේ.

රුපියල් 325ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 313ක්.

එමෙන්ම රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

මේ අතර ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිල හා සමව සංශෝධනය කළ බව එම සමාගම සඳහන් කළා.

Shares: