මධ්‍යම අධිවේගී මාර්ගයේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී ලොරියක් හා බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
කුරුණැගල සිට මීරිගම දෙසට ධාවනය වූ ලොරියක අද (03) අළුයම බවුසරයක් ගැටී ලොරිය අඩි 25 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම අවස්ථාවේදී බවුසරයද ලොරිය මතට වැටී තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු සහ ඉන්ධන බවුසරයේ සහායකයායි.
බවුසරයේ රියැදුරු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් තර තිබෙනවා.
පොලීසිය පැවසුවේ, බවුසරය ලොරිය මතට වැටීමෙන් එහි රියදුරා සිරවී ඇති බවයි.
ඔහු මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.










