උණුසුම් පුවත්

මාළිගාවත්තේ වෙඩිතැබීමක් – තරුණයෙක්ට තුවාලයි

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Shares: