හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලින් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ මෙම නඩුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඉදිරියේ කැදවූ අවස්ථාවේ එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින්.
එම සිද්ධිය රාජකාරියට අගතියක් සිදුව නොමැති බවට නිගමනය කරමින් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුව ලබා දුන්නා.
මෙම සිද්ධියේ සීසීටීවී දර්ශනවලට ඇතුළත් සාක්ෂි ගොනු කළ සීඩි තැටිය පසුගිය නඩු දිනයේ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි ගොනු කරනු ලැබුවේ.
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල සමාදාන වූ බවට පැමිණිලිකරු විසින් ප්‍රකාශයක් ලබා දෙමින් අධිකරණයට දන්වා තිබෙනවා.
2017 වසරේ අප්‍රේල් මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකුට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පතිවරායට එරෙහිව 2019 වසරේ කළ පැමිණිල්ලකට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලැබුවේ.










