තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමග එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට නුවර වැව, තිස්ස වැව හා රිදියගම වැවේ රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
වැව් රක්ෂිත සලකුණු කිරීමෙන් අනතුරුව ඒවායේ ඇති නීති විරෝධි ඉදිකිරිම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි.
මේ වසරේ වැව් 23 ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100ක්.










