සිංහරාජ වනාන්තරය තුළ මාර්ග ඉදිකිරීමට ඉඩ ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ සිංහරාජ ඉලුම කන්දේ සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිසකර කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවකට ඉදිරිපත් වී ඇති අතර, ඒ අනුව එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් පිරිසක් ගොස් ඇති බැවින් ඒ පිළිබඳව කතා බහක් නිර්මාණය වී ඇති බවයි.










