උණුසුම් පුවත්

ලංගම ටිකට් කාඩ්පත්වලින් ගෙවීම මේ මාසය අවසන් වීමට පෙර

මේ මාසය අවසන් වීමට පෙර ලංගම බස්රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්වලින් ගෙවීමේ ක්‍රමවේදය හදුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිළිණ සමරකෝන් මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

බස් ඩිපෝ 107 න් සැලකියයුතු ප්‍රමාණයක බස්රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙනවා. මැත කාලයේදී බස්රථ 173 ක් හදලා සේවයට යොදවලා තියෙනවා. අලුත්වැඩියා කිරීමේ කටයුතු 2026 මැයි මාසේට කලින් අවසන් කරන්න බලනවා.

යනුවෙනුයි කියා සිටියේ.

Shares: