විදෙස්

රටවල් රැසක Google සේවාව බිඳ වැටෙයි

Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය රටවල් රැසක මේ වනවිට අවහිර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව ඇතැම් රටවල පරිශීලකයන්ට Gmail, YouTube, Cloud අඩාල වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

නැගෙනහිර සහ ගිනිකොනදිග යුරෝපයේ රටවලට, තුර්කියට මෙම අඩාල වීම බලපා තිබෙනවා.

තුර්කියේ විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය ඔමර් ෆාති සයාන් X හි සටහනක් තබමින් කියා සිටියේ ගූගල් වෙතින් තාක්ෂණික වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම නිව්යෝර්ක් සහ චිකාගෝ ඇතුළුව අමෙරිකාවේ ඇතැම් නගර කිහිපයකද ගූගල් අක්‍රිය වී ඇති බව සඳහන්.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටලුව හේතුවෙන් රැකියාවේ සහ දෛනික ජීවිතය යන දෙකටම පුළුල් බාධා ඇති වී ඇති බවයි .

කෙසේ නමුත් ලොව පුරා Gmail ගිණුම් බිලියන 2.5 ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ලොව පුරා ක්‍රියාකාරී මාසික YouTube පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 2.5 ක් පමණ වන බවයි මාධ්‍ය වාර්තා හුවා දක්වන්නේ.

Shares: