අනතුරුදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවයි.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි බස් රථයක් ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළී ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදියි.
මෙලෙස අනතුරට ලක් වුයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 32 දෙනෙකු රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයක්.
අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර, බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල ලැබුවා.










