ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසල දී පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) දිනයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන කොළඹ 15 ප්රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.










