එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසි වාරය අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල් වෝල්ටර් ටර්ක් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වන සැසි වාරය ලබන මස 8 වැනිදා දක්වා පවත්වනු ලබයි.
අද දිනයේ එම සැසියට සහභාගී වන අමාත්‍ය විජිත හේරත් මහතා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත් නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03.45ට අමාත්‍යවරයා එම විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයෙන් පසුව සහ ජාතික ජන බලවේග බලයට පත්වීමෙන් පසු පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
සංචාරය තුළදී විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටර්ක් මහතා සහ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරින් කිහිප දෙනෙකු සමගම ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමාත්‍යාංශයේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය එම සැසිවාරයට සහභාගිවීම සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ඊයේ දිනයේදීයි.
අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ලබන 11 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ රැඳී සිටිනවා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයෙන් පසු මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.










