2026 මැයි 25 සිට, රටවල් 40ක ජාතිකයින්ට ශ්‍රී ලංකාවට සංචාරක අරමුණු සඳහා නොමිලේ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම නොමිලේ වීසා අවසරයෙහි විශේෂතා
දින 30ක් සඳහා වලංගුයි
Double Entry පහසුකම (ප්‍රථම පැමිණීමේ දින සිට)
ETA ගාස්තුවක් අය නොකෙරේ
අවශ්‍ය නම් දින 30ට වැඩි කාලයක් සදහා දීර්ඝ කළ හැක (අදාළ ගාස්තු යටතේ)
මෙම පහසුකම හිමි රටවල් 40 අතර ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, මැලේසියාව, නවසීලන්තය, කටාර්, රුසියාව, සවුදි අරාබිය, දකුණු කොරියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය, ඇමරිකාව ඇතුළුව තවත් රටවල් රැසක් පවතිනවා.
මෙම රටවල ජාතිකයින්ට ETA නොමිලේ ලබා දෙන අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ETA ලබා ගැනීම අනිවාර්යයි.
මාලදිවයින් ජාතිකයින්ට දැනට පවතින ගිවිසුම යටතේ දින 90ක සංචාරක වීසා පහසුකම හිමිවනවා.
2026 මැයි 25ට පෙර ගෙවූ ETA ගාස්තු ආපසු නොගෙවෙන බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙය උත්තේජනයක් එකතු කරාවිද?









