දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති ශිෂ්‍යත්ව විභාගය (2025) අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම හෙට ආරම්භ කෙරෙනවා.

එම විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09 දින සිට 2025.09.22 දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවා තිබෙනවා.

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic දරණ වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Shares: